Kitchen
මාලු ඇඹුල් තියල් සම්ප්රරදායෙන් ඔබ්බට.
මාලු ඇඹුල් තියල් සම්ප්රරදායෙන් ඔබ්බට.
මාලු කිලෝ 1 (බලයන් හෝ කෙලවල්ලන් )
ගම්මිරිස් ඇට මේස හැදි 2-3ක්
ගොරක කැබලි 6-7ක්
අමු මිරිස් කරල් කිහිපයක්
ඉගුරු කැබැල්ලක්
සුදුලූනු බික් 3-4
මිරිස් කුඩු තේ හැදි 1
කරපින්චා ස්වල්පයක්
එන්සාල්>කරාබුනැටි සහ කුරුදු කුඩු තේ හැදි 1ක්
තෙල් අවශ්‍ය පමණ
වතුර කෝප්ප බාගයක්
ලුනු අවශ්‍ය පමණ
සාදන ආකාරය
මාලු කපා සෝදා වතුර බේරා ගන්න.පසුව ලුනු ස්වල්පයක් අතගා පැත්තකින් තියන්න.
ගොරකා තබ්බා ගලේ අඹරා ගන්න.
පැත්තකින් තියන්න.ගම්මිරිස්, සුදුලූනු සහ ඉගුරු කෑලි නොසිටින්න එකට අඹරා ගන්න.
අමුමිරිස් කරල දෙකට හෝ තුනට කපා ගෙන පැත්තකින් තියන්න.
තෙල් දැමූ තාච්චියක් ලිප තබා තෙල් රත් වනවිට මාලු කෑල්ලෙන් කෑල්ල දමා බැද ගන්න. ( ටිකක් බැද ගත්තම ඇති කරපාටට එනතුරු බදින්න එපා)
දැන් තෙල් බේරෙන්න තියන්න. මැටි බාජනයක් ගෙන එයට ගොරකා පේස්ට් එක,ගම්මිරිස් ඉගුරු සහ
සුදුලූනු පේස්ට් එක,මිරිස් කුඩු,එන්සල්,කරාබුනැටි සහ කුරුදු මේස හැදි එක සහ ලුනු ස්වල්පයක් ( ලුනු ගොඩක් දාන්න එපා මොකද අපි මාලු බැද ගත්තෙත් ලුනු අතගාල නිසා )
දමා වතුර කෝප්ප බාගයත් දමා හොදින් දිය කර ලිපේ තියන්න. මෙය රත් වී ගෙන එනවිට මදක් බැද ගත් මාලු මෙම මිශ්‍රණයේ තවරා හට්ටියේ අතුරා ගන්න.
කරපින්චා සහ අමුමිරිස් එකතු කරන්න. ලිපේ දැල්ල අඩු කර සෙමින් පිස ගන්න. වතුර හිදෙන තුරුම අඩු රස්නය ඇතිව පිස ගන්න.
මෙය සාමාන්‍යයෙන් කල් තියා ගන්නවාට වඩා වැඩි කාලයක් තියා ගන්න පුලුවන්. හැබැයි බෙදා ගන්න විට හැදි මාරු කරන්න එපා.
මෙහෙම හදා ගත් මාලු ඇඹුල්තියල් හට්ටිය ඉවර වී ගෙන එනකොට කැලි 2-3ක් තියෙන්න දීල එයට කිරිහොදි හදන්න.
ඒ කිරිහොද්ද හරිම රසයි! කෑලි නැති උනත් කමක් නෑ. මාලු ඇඹුල්තියල් හට්ටිය ඉවර උනාම ඒකටම ( සෝදන්නෙ නැතිව ) කිරිහොදි හදල බලන්න.
iwumpihum.lk